28.8 C
Galle

මත්පැන් නිෂ්පාදකයන් බදු පැහැර හරිද්දී, රජයෙන් තවත් සහන දෙයි

Published:

මෙතෙක් රුපියල් 25,000,000.00ක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇත.

‍රුපියල් ‍කෝටි ගණනක් බදු නොගෙවා පැහැර හරිමින් රජයට විශාල පාඩුවක් සිදුකරන ලද සුරාබදු නිෂ්පාදන සමාගම්වලට ද මෙම වාසිය අත්වෙයි.

රජය පවසන්නේ ස්කාගාර බලපත්‍ර ගාස්තුව වැඩ කිරීම අසාධාරණයැයි, මත්පැන් නිෂ්පාදකයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය මත මෙලෙස වාර්ෂික බලපත්‍ර ගාස්තු අඩුකළ බවයි.

නව ගාස්තු සංශෝධනයට අනුව කර්මාන්ත ප්‍රවේශය  සඳහා එක් වරක් පමණ අය කරනු ලබන ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

පොල් රා බෝතල් කිරීම සඳහා රුපියල් කෝටියක් ලෙස පැවති වාර්ෂික බලපත්‍ර ගාස්තුව ලක්ෂ 15 දක්වා අඩු කර ඇත. තල් රා බෝතල් කිරීමේ බලපත්‍ර ගාස්තුව නව සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ පහක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!