28.8 C
Galle

‘ආවා’ කල්ලියේ නායකයා අත්අඩංගුවට

Published:

යාපනයේ සිදුවන අපරාධ රැසකට වගකිව යුතු යැයි පොලිසිය විසින් පවසන “ආවා” කල්ලියේ නායකයා ලෙස සැකකරන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසිනි. ගල්කිස්ස යශෝරාපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ රැඳී සිටිය දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. විදෙස් රටකට පළායාමේ අදහසින් ඔහු මෙලෙස ගල්කිස්ස ප්‍රදේශයේ රැඳී සිටින්නට ඇති බව ද පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 300ක් හමු වූ බව ද පොලිසිය සඳහන් කළේය. 

Related articles

Recent articles

error: Content is protected !!