28.8 C
Galle

ඒකාබද්ධ විපක්ෂයක් ගැන යළි කතා කරයි

Published:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව යමින් මාර්ගගත ආරක්ෂණ පනත සම්මත කර ඇති බවත් රජය මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් පොලිස් රාජ්‍ය සහ ආඥාදායක පාලනයක් වෙත රජය ගමන් කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (05) කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

කතානායකවරයා රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කරමින් මාර්ගගත ආරක්ෂණ පනතට අත්සන් කර ඇති බැවින් එයට එරෙහිව පොදු විපක්ෂය කටයුතු කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

සමගි ජන බලවේගය සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුව එල්ල කළ ජල හා කඳුළු ගෑස් පිළිකුලෙන් හෙළා දකින බව කී ජී.එල්.පීරිස් විපක්ෂ නායකවරයෙක්ට මෙවැනි ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ඉතිහාසයේ  කිසිදා එල්ල නොවූ බව ද සඳහන් කළේය.

කථානායකවරයා විපක්ෂයේ අදහස්වලට පයින් ගසා මෙම මාර්ගත ආරක්ෂණ පනත සම්මත කරගත් බවත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට මරු පහරක් මෙන්ම එම පනතින් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රටට අහිතකර ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!