28.8 C
Galle

අද කොටස් වෙළෙඳ පොළ

Published:

කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 9,700ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,392ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 55ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,430ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 334
  • ෆොර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 171
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 127

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 8.6
  • ෆොර්ට් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 5.7
  • එල්බී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 5.4

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 50%
  • එස්එන්බී බැංකුව 20%
  • යූබී ෆිනෑන්ස් සමාගම  16%

සංවෘත කවයේ ගනුදෙනු වූ සමාගම්

  • එල්බී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 5.2ක් රුපියල් 61.00 බැගින්
  • කලම්බු ෆෝරට් ලෑන්ඩ් සමාගම කොටස් 5.7ක් රුපියල් 30.00 බැගින්
  • හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 05ක් රුපියල් 5.00බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 255
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 247
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 8.5ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 166ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 157.5ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ත්‍රීඒකර් ෆාර්ම් සමාගම රුපියල් මිලියන 2.4

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 57
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 48
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 36

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!