28.9 C
Galle

කෙහෙළියගේ අස්වීම ජනපති පිළිගනියි

Published:

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් මිලට ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා, පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදී ඇති අතර ජනාධිපතිවරයා විසින් එය පිළිගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එයට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ අමාත්‍යවරයාගේ ඉල්ලා අස්විම 2024.02.03 දින සිට බලපැවැත්වෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරන සමයේ සිදුකළ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීමක් සම්බන්ද චෝදනා මත රඹුක්වැල්ල අමාත්‍යවරයා අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුව මගින් පසුගිය 02වෙනිදා අත්අඬංගුවට ගනු ලැබීය.

පෙබරවාරි 03 වනදා මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අමාත්‍යවරයා පෙබරවාරි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

සිද්ධිය සම්බන්දව අමාත්‍යවරයාට එරෙහිව සමාජයෙන් එල්ලවූ ප්‍රබල විරෝධතාවය හමුවේ අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සිදුවිය.

Related articles

Recent articles

error: Content is protected !!