31.6 C
Galle

“මම ජනාධිපතිකම භුක්ති වින්දා, දැන් අහෝසි කරමු” හිටපු ජනපති මහින්ද කියයි

Published:

“මම ජනාධිපතිධූරය භුක්ති වින්දානේ. දැන් අහෝසි කරනවානම් මගේසහයත් දෙනවා. ජනතාව කියන්නේ ඒක අහෝසි කරන්න කියලානේ” යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදියකු නෑගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.

එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේ පවත්වන ජනාධිපතිවරණයක් හෝ වේවා මහ මැතිවරණයක් හෝ වේවා තම පක්ෂය එය ජයග්‍රහණය කරන බවයි. ජනතා විමුක්ති පෙරමුණට පැමිණි රැල්ල දැන් බිඳී ගොස් ඇතැයි ද ඉන්දියාවට ගොස් මිත්‍රත්වයක් ඇතිකරගැනීමට ඔවුන් කටයුතු කිරීම හොඳ බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

විධායක ජනාධිපති ධූරය ආහෝසි කරන්නට යන්නේ ඡන්දය කල් දැමීම සඳහා දැයි මාධ්‍යවේදියා ප්‍රශ්න කළ විට හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එක දන්නේ නෑ. ඒත් ඉතින් අපි රනිල්ගේ හැටි දන්නවානේ යනුවෙනි.

Related articles

Recent articles

error: Content is protected !!