24.5 C
Galle

අහංගම රෝහලේ දී මියගිය පුද්ගලයාට කොරෝනා නෑ

Published:

කොළඹ සිට පැමිණ හදිසියේම රෝගාතුර වී අහංගම රෝහලට ඇතුළත්කර සිටිය දී මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සවස කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකළ බව අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

39 හැවිරිදි වියේ පසු වූ එම පුද්ගලයාගේ මරණය සිදුව ඇත්තේ හෘදයාබාධයකින් බව තහවුරු වී ඇත. ඔහුුුුුගේ සිරුරින් ලබාගත් ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණයකට අද උදෑසන යොමුකර තිබූ අතර එහි ප්‍රතිඵල අනුව එම පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබිණි.

මළ සිරුර අද රාත්‍රී ඥාතීන්ට භාරදීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!