29 C
Galle

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 10 වැනිදා තෙක් ප්‍රමාදයි

Published:

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 10 වැනිදා එම මාර්ගයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වන කොටසේ එක මාර්ගයක පමණක් දුම්රිය ධාවනය කිරීමට සිදුවීම නිසා දුම්රිය ප්‍රමාදවීමක් සිදුවිය බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර පාලමක නඩත්තු කටයුත්තක් සහ ජල සම්පාදන මණ්ඩලයේ නළ එලීම සඳහා කාණු කැපීම යන කටයුතු හේතුවෙන් මෙම තත්වය ඇති වන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

Related articles

Recent articles

error: Content is protected !!