29.5 C
Galle

යතුරුපැදි සිහිනය, පාසල් සිසුවාට මරු කැඳවයි

Published:

යතුරුපැදි තරඟ සඳහා විශේෂයෙන් සකසන ලද යතුරුපැදියක් මිතුරකුගෙන් ඉල්ලාගෙන එය මවට සහ වැඩිමල් සොහොයුරියට පෙන්වා ආපසු එය භාරදීමට යමින් සිටි පාසල් සිසුවකු අනතුරකින් මියගොස් ඇත.

පොලිසිය පවසන්නේ අද (26) කොට්ටාව හයිලෙ‍වල් පාරේ දී මේ අනතුර සිදු වූ බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොට්ටාව, හේනවත්ත පදිංචි මහලියනගේ සහන් දිමන්ත පෙරේරා නමැති 18 හැවිරිදි පාසල් සිසුවෙකි.

ඔහු වෑන් රථයක සහ කැබ් රථයක ගැටී මේ අනතුර සිදුව ඇත.

තම මිතුරාගේ යතුරුපැදිය මවට සහ සොහොයුරියට පෙන්වා ඔහු පවසා ඇත්තේ තමන්ටත් එවැනි යතුරුපැදියක් මිල දී ගැනීමට අවශ්‍ය බවයි.


යතුරුපැදි තරඟ සඳහා විශේෂයෙන් සකසන ලද මෙම යතුරුපැදියට සමාන යතුරුපැදියක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි මෙම මෙම පාසල් සිසුවා සිය මවට සහ වැඩිමහල් සොහොයුරියට යතුරුපැදිය පෙන්වා යළි මිතුරාට භාරදීම සඳහා යමින් සිටියදී කොට්ටාව හයිලේවල් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බව පැවසේ.

Related articles

Recent articles

error: Content is protected !!