25.1 C
Galle

හනුමා පාලම හදන්න, සාගල ඉන්දියාවට යයි

Published:

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පාලමක් ඉදිකිරීම ඇතුළු ගොඩබිම් සබඳතා ඇතිකරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක ඇතුළු පිරිසක් අද (27) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.

එම සාකච්ඡා හෙට (28) නවදිල්ලි නුවරදී ආරම්භ වීමට නියමිතය.

එම නියෝජිත පිරිස අතරට ප්‍රවාහන හා පරිසර අමාත්‍යාංශ ලේකම්වරුන්, දුම්රිය සාමාන්‍යාධිකාරී, රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද එක්වන බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

වාල්මිකී විසින් රචනා කරන ලදැයි සැළකෙන රාම-රාවණා නමැති මිත්‍යා කතාාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හනුමා නමැති වානරයකු විසින් සැකසූ පාලමක් ගැන සඳහන්ව ඇත.

Related articles

Recent articles

error: Content is protected !!