25.1 C
Galle

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් නෑ. තියෙන ඒවාත් ප්‍රමාදයි

Published:

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (30) සහ හෙට (31) ප්‍රමාද වියහැකි බවත් දුම්රිය 25ක් අවලංගු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කිරීම හේතුවෙන් වැල්ලවත්ත සහ කොළඹ කොටුව අතර එක් දුම්රිය මංතීරුවක් වසා දැමීමට සිදුවීම එලෙස දුම්රිය ප්‍රමාදවීමට හේතු වී ඇත.

මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර 25ක් අවලංගු වන අතර හෙට (31) රාත්‍රියෙන් පසු සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!