26.8 C
Galle

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ පත්කරයි

Published:

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත් කර තිබේ.

නව දූෂණ විරෝධී පනතේ විධිවිධාන අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

2023 දෙසැම්බර් මාසයේදී ද ජනාධිපතිතුමා විසින් අල්ලස් කොමිසමට පත්වීම් තුනක් සිදුකර තිබිණි.  

අල්ලස් කොමිසමේ සභාපතිවරයා ලෙස විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී ඉද්දවල මහතා පත් කෙරුණු අතර කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ පත් කර තිබුණු අතර මෙම පත්වීම් 2024 ජනවාරි 01 දින සිට බලපැවැත්විණි.

Related articles

Recent articles

error: Content is protected !!