27.5 C
Galle

අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙක් පොලිස් වෙඩිල්ලෙන් මරුට

Published:

පොලිස් අත්අඩංගුවේ පසු වූ පුද්ගලයකු අද (08) අලුයම පොලිසිය විසින් කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය ම කියයි.

මෙලෙස මියගිය තැනැත්තා 26 හැවිරිදි ගුවන් හමුදා සෙබළෙකි. හොරණ දී සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිසිය පවසන්නේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ලබාදුන් තොරතුරකට අනුව විමර්ශනයක් සිදුකිරීමට අද (08) අලුයම පාදුක්ක, අංගමුව ප්‍රදේශයට රැගෙන ගිය බවයි. එම අවස්ථාවේ දී ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කළ බවත්, පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරයේ දී බරපතල තුවාල ලබා පාදුක්ක පොලිසියට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!