24.8 C
Galle

බඩු ගොඩගැහිලා, තැපෑල 12 වැනිදාත් වැඩ

Published:

රජයේ නිවාඩු දිනයක් ලෙස අප්‍රේල් 12 වැනි දා නම්කර ඇතත් තැපැල් සේවකයන් එදින රාජකාරී කිරීමට එකඟ වී ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසයි.

ඔහු කියා සිටිියේ අලුත් අවුරුදු කාලයට අදාලව  මධ්‍යම තැපැල් හුවමාරුවට විශාල වශයෙන් භාණ්ඩ ලැබී ඇති බැවින් මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි.

විදෙස් රටවල ඉන්න පිරිස් අපේ රටේ ඥාතීන්ට විවිධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් පාර්සල් ලෙස එවලා. අපේ වගකීම ඒ භාණ්ඩ නිසි වෙලාවට ඒ අදාළ තැනට යොමු කිරීම. අපිට විශාල ප්‍රශ්නයක් වුණා අවුරුදු කාලේ එන දීර්ඝ නිවාඩුව. ඒ අනුව තැපැල්පතිතුමාගේ උපදෙස් මත සියලු දෙනා තීරණය කරලා තියෙනවා 12 වෙනිදාත් සේවයට වාර්තා කරන්න. රේගු නිලධාරීනුත් අපිට සහාය දෙන බවට දැනුම්දීලා තියෙනවා. ඒ අනුව 12 වැනි දා තැපෑල වැඩ”

Related articles

Recent articles

error: Content is protected !!