25.8 C
Galle

හැරී පෝටර් මාළිගය රුසියානු මිසයිලයකින් විනාශයි

Published:

යුක්රේනයේ ඔඩෙසා නගරයේ පිහිටා ඇති හැරී පොටර් මාළිගයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් පස් දෙනකු මියගොස් 31 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

එම ගොඩනැගිල්ලට ද බරපතල අලාභ හානි සිදුව ඇත.

ලෝකයේ වැඩියෙන්ම අළෙවි වූ ග්‍රන්ථයක් වන හැරී පොටර් කතාව අනුසාරයෙන් සකස් කළ හැරී පොටර් චිත්‍රපටයේ හොග්වර්ට්ස් පාසල පිහිටි ගොඩනැගිල්ලට මෙම ගොඩනැගිල්ල බෙහෙවින් සමනා බැවි් යුක්රේන ජාතිකයන් විසින් එම ගොඩනැගිල්ල හැරී පෝටර් මාළිගාව ලෙස හඳුන්වයි.

මෙම ගොඩනැගිල්ලේ ඔඩේසා නීති ඇකඩමිය පිහිටා ඇති අතර එය යුක්රේනයේ හිටපු මන්ත්‍රීවරයකු වන සර්හි කිවලෝව්ට අයත්ය.

මිසයිල ප්‍රහාරය හේතුවෙන් රෝහල්ගත කර සිටින අයගෙන් වයස අවුරුදු 04ක දැරියක් ඇතුළු 08 දෙනකුගේ තත්වය බරපතල බව මාධ්‍ය වාර්තා කරයි.

Related articles

Recent articles

error: Content is protected !!