23.7 C
Galle

ඉමදුව සභාවේ අයවැය වැඩි ඡන්ද 10කින් සම්මතයි

Published:

ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වූ අයවැය අද (17) වැඩි ඡන්ද 10කින් සභා සම්මත විය.

ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර අයවැය සභාවට ඉදිරිපත් කළ අතර ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනා ද පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී.අරුණ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ටී.ජී.අජිත් ප්‍රේමකුමාර අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළහ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියන් තිදෙනා සිය ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

සටහන සහ ඡායාරූප – ලංකින්ද නානානයක්කාර

Related articles

Recent articles

error: Content is protected !!