26.5 C
Galle

සියලු ලොක්කන් මැතිවරණ කොමිසමට කැඳවයි

Published:

ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන්  රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පති සහ තැපැල්පති ඇතුළු ප්‍රධානීන් ලබන සතියේ කැඳවා සාකච්ඡා කරන බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ .එල් රත්නායක කියයි.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය  ලබන 17 වැනිදායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමි වෙයි.

මේ අතර 2024 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම ලබන සතියේ දී  කරන බව  සභාපතිවරයා කීවේය. ඒ කෙටුම්පත  වෙබ් අඩවියට දැනටමත් ඇතුළත් කර ඇතැයි  කොමිෂන්  සභාව පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!