26.5 C
Galle

වර්ජනය නොකළ අයට, වැටුප් වර්ධක සහ ප්‍රශංසා

Published:

වැඩ වර්ජනවලට සම්බන්ධ නොවී ජූලි 08 සහ 09 ‍දෙදින සේවයට වාර්තා කළ විධායකසේවා නිලධාරීන් සියලු දෙනාට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එමෙන් ම එම සියලු නිලධාරීන්ට ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපතිවරයාගේ යෝජනාව වී ඇත.

මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයට අයත් නොවන ඇතැම් සේවාවන්වල වෘත්තීය සමිති කිහිපයක් විසින් 2024 ජූලි මස 08 හා 09 දෙදින අසනීප නිවාඩු දැමීමේ හා වැඩ වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!