27 C
Galle

ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

Published:

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක් අසාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ද අපෙක්ෂකයකු වන ට්‍රම්ප් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මැතිවරණ රැළියකට සහභාගී වෙමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප්ට තුවාල සිදුව ඇති අතර සැකකරු ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත. ට්‍රම්ප්ගේ කනක් අසළ ලේ පැල්ලමක් දක්නට ලැබුණු බවත් වෙඩි ප්‍රහාරය එල්ල වීමත් සමඟ ට්‍රම්ප් බිම දිගා වී ඇති බවත් වාර්තා වේ.

වෙඩි උණ්ඩයක් තම දකුණු කනේ වැදුණු බව දැණුනේ යැයි ට්‍රම්ප් පවසා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!