25.8 C
Galle

පිහි ඇණුමකින් අට දෙනකුට තුවාල

Published:

 බ්‍රිතාන්‍යයේ සවුත්පෝට් මුහුදු වෙරළේ සිදුවූ පිහි ඇණුමකින් ළමුන් කිහිපදෙනකු ඇතුළු පුද්ගයන් අට දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

පොලිසිය පවසන්නේ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ප්‍රාථමික පාසල් ළමුන් සඳහා පැවති නර්තන හා යෝගා ඉසව්වකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

තුවාල ලැබූවන් ලිවර්පූල් හි ඇල්ඩර් හේ ළමා රෝහල ඇතුළු රෝහල් තුනකට ගෙන යන ලදී.

17 හැවිරිදි පිරිමි ළමයෙකු පොලිස් අත්අඩංගුවේ සිටින බවත්, සිද්ධිය පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව ද පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!