27.9 C
Galle

නිරුවත් ඡායාරූප ප්‍රචාරය කළැයි වෛද්‍ය සිසුන්ට චෝදනා

Published:

ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ‍හෙවත් ක්ලබ් වසන්තගේ මළ සිරුරේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීමට පශ්චාත් මරණ පරීක්‍ෂණයට සහභාගි වූ වෛද්‍ය සිසුන් වගකිව යුතු බව අතුරුගිරිය පොලිසිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට සඳුදා දන්වා සිටියේය.

මෙම ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහලේ පුද්ගලයන් 30 දෙනෙකු පමණ ප්‍රකාශ ලබාදී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

මෙම ඛේදජනක ඝාතන සිද්ධියට සම්බන්ද වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීමට අදාලව විමර්ශනයේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ද සාක්ෂි එකතුකර ඇතැයි බලධාරීහු පවසති.

Related articles

Recent articles

error: Content is protected !!