30.5 C
Galle

පාසලේ දී එන්නත් කළ දැරියන් පිරිසක් රෝහල්ගත කරයි

Published:

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන HPV එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ පාසල් දැරියන් 05 දෙනකු රෝහල්ගත කර ඇත.

12 හැවිරිදි වියේ පසුවන එම දැරියන් අඟුරුවාතොට, වෙනිවැල්පිටිය කණිෂ්ට විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබති.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මෙම පැසලේ දැරියන් 26 දෙනකු සඳහා එන්නත් ලබා දී ඇත. එම එන්නත් ලබාදීමෙන් ටික වේලාවකට පසු ඉන් 05 දෙනකුට හිසේ රුදාව, උදරය වේදනාව සහ  ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් ඔවුන් හල්පාතොට ප්‍රාදේශීය රෝහලට යොමුකර ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසිනි. එම රෝහලෙන් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු දැරියන් හොරණ දිස්ත්‍රික් රෝහලට යොමුකර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!