30.5 C
Galle

අනුරටත්, රනිල්ටත් දෙන්නට ම නැති දෙයක් ?

Published:

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක තමන් වගේ යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) මීගමුවේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජන රැළියක් අමතමින් කීවේය.

“මට කියනවා පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්න කියලා. ඒ කියන්නේ මම පැරදුණා, මම පිළිගන්නවා ඒක. මම ජනාධිපතිවරණයට ආවා, ඡන්දේ ඉල්ලුවා. බහුතරය මට ඡන්දේ දුන්නේ නෑ.  ඉතින් මම පැරදිලා. ඒත් බහුතරයක් එතුමාටත් දුන්නේ නෑනේ.  51%ක් හම්බුනේ නෑ. මොකක්ද එතුමාගෙයි මගෙයි වෙනස. මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති. එතුමාටත් නෑ. මටත් නෑ. එච්චරයි තියෙන්නේ. මොකක්ද විශේෂත්වය. අපි දෙන්නම එකට ඉන්නේ.”

“දාලා තියෙන ලැයිස්තුව ඇහුවොත් එතුමාගේ ආණ්ඩුව මාස තුනක් තියා සති තුනක් යන්න පුළුවන්ද කියලා මන් දන්නේ නෑ.  පලපුරුදු අය ඉන්න ඕනේ රට වෙනුවෙන්. අපි කියන්නේ පලපුරුදු අපේ අය දාන්න කියලා. බහුතරයක් දෙන්න පාර්ලිමේන්තුවට රට ගෙනියන්න. එතුමාට අවුරුදු තුනක් හරි යන්න පුළුවන් බහුතරයක් හිටියොත් විතරයි “.

Related articles

Recent articles

error: Content is protected !!