24.6 C
Galle

සුපිරි ඉන්ධනවල, මිල අඩු කරයි

Published:

ඉන්ධන වර්ග කිහිපයක මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 377.00 සිට රුපියල් 6.00කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 371.00ක් වෙයි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 319.00සිට රුපියල් 6.00කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 313.00කි.

අනෙකුත් ඉන්ධනවල මිල ගණන් සංශෝධනය කර නැත.

මේ අතර ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට අනුකූලව ඔවුන්ගේ ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!