24.6 C
Galle

විදුහල්පතිගේ දේශපාලන රැස්වීම, මැතිවරණ කොමිසමෙන් නවතා දමයි

Published:

ගාල්ල, බද්දේගම වැයිහේන විදුහලේ විදුහල්පති බන්දුසිරි රූපසිංහ විසින් තම නිවසේ සංවිධානය කර තිබූ දේශපාලන රැස්වීමක් වහාම අවලංංගු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව නියෝග කර ඇත.
එම විදුහල්පතිවරයා අද (06) සවස 5.00ට ජාතික ජන බලවේගයට සහය දක්වමින් තම නිවසේ මෙම රැස්වීම සංවිධානය කර තිබූ අතර එ් පිළිබඳ ප්‍රචාරයක් ද සිදුකර තිබිණි.
පාසලක විදුහල්පතිරුන්ට දේශපාලන අයිතිවාසිකම් අහිමි බැවින් මේ පිළිබඳ නිරීක්ෂණය කළ ට්‍රාන්ස්පේරන්සි ආයතනය විසින් මැතිවරණ කොමිසට ඒ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මැතිවරණ කොමිෂන් සභාවේ ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මෙහෙයුම් කාර්යාලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ද මෙම නීති විරෝධී ක්‍රියාව දැනුම් දී අදාළ විදුහල්පතිවරයාට එම රැස්වීම වහාම අවලංගු කරන ලෙස ද නියෝග කර තිබිණි.
එමෙන් ම එම විදුහල්පතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අද සවස ඔහුගේ නිවසට යාමට ද නියමිතව ඇත

Related articles

Recent articles

error: Content is protected !!