24.7 C
Galle

අලුත් ආණ්ඩුවත්, නැකත් බැලුවා ද ?

Published:

නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම මීට පෙර නොවැම්බර් මස 21 වැනි දා සවස 3.00ට වේලාව යොදාගෙන තිබුණ ද එම වේලාව උදෑෂන 11.30 ලෙස සංශෝධනය කර ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල ඇත. ඒ අනුව 21 වැනි දා 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම ආරම්භ වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබයි.

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය නොවැම්බර් 21 වනදා පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!