25 C
Galle

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Published:

මහ මැතිවරණයේ ප්‍රචාකර කටයුතු සිදුකරමින් සිටිය දී පොලිසිය සමල ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (20) උදෑසන බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසියට කැඳවා එහි පැමිණි පසු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

හරීන් ප්‍රනාන්දු සහ ඔහුගේ හිතවතුන් පිරිසක් මනාප අංකය සහිත ටීෂර්ට් පැළඳ බදුල්ල නගරයෙ පා ගමනින් යමින් සිටිය දී පොලිසිය සමඟ වචන හුවමාරුවක් සිිදුවිය. හරීන් ප්‍රනාන්දු තමන් හැඳ සිටිි ටීෂර්ටය ගලවා දමා එතැනින් පසෙකට ගමන් කරන ආකාරය ද මාධ්‍ය මගින් පවා ප්‍රචාරය කෙරිණි.

මෙහි දී මැතිවරණ නීති උල්ලංඝනය වී ඇතැයි පවසමින් හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!