25 C
Galle

උසස් පෙළට වැස්ස හරස් වෙයි

Published:

උසස් පෙළ විභාගය ඉදිරි දින තුනේ දි නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. අධික වැසි හේතුවෙන් රටේ ප්‍රදේශ රැසක ආපදා තත්වයක් ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට (27), ‍28 සහ 29 යන තෙදින උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බවයි

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මේ බව කියා සිටියේ අද (26) සවස විභාග දෙපාර්තමේන්තුවේ දී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

“සෙනසුරාදා දිනයේ සිට අපි නැවත විභාගය එම දිනවලට නියමිත කාලසටහන අනුව පවත්වනවා. විභාගය නොපැවැත්වීමට තීරණය කර ඇති නොවැම්බර් 27,28 සහ 29 දිනවලට නියමිත විභාග කටයුතු දෙසැම්බර් මාසයේ 21, 22 සහ  23 දිනවල දී පවත්වනවා. විශේෂයෙන් ම අවධාරණය කළ යුතු දෙයක් තමයි විභාග අපේක්ෂකයන්ට නියමිත විභාග කාලසටහන අනුව ම විභාගය පැවැත්වෙනවා කියන එක.”

Related articles

Recent articles

error: Content is protected !!