25.7 C
Galle

නාවළපිටිය දොළොස්බාගේ මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි

Published:

නාවළපිටිය දොළොස්බාගේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වැලිගොඩවත්ත ප්‍රදේශයෙන් මාර්ගය අවහිර වී ඇති අතර රථ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. අද (29) අළුයම දෙකට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇත.

එම ප්‍රදේශයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් පස් කන්ද සමග ගස් කඩා වැටී ඇති බව ආපදා අංශ පවසයි. විදුලි රැහැන් ද කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණහිට තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!