25.7 C
Galle

රට ලූනු බදු අඩුකරයි

Published:

ලොකු ලූනු ආනයනය කිරීමේ දී කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව මෙතෙක් පැවති ආනයනික ලොකු ලූනු කිලෝ එකක් සඳහා වන රුපියල් 30.00ක වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10.00ක් දක්වා අඩුකර ඇත.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලොකු ලූනු මිලදී ගැනීමට හැකියාව ලැබෙන ලෙසත්, දේශීය ගොවියා ආරක්ෂා කිරීම සඳහාත් කෙටි කාලීන පියවරක් ලෙස මෙලෙස බදු අඩු කළ බවයි.

මෙම බදු අඩුකිරීම ක්‍රියාත්මක වන්නේ දෙසැම්බර් 31 වැනි දා දක්වා පමණි. ඉන් පසු නැවත ඒ ගැන තීරණයක් ගන්නා බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!