23.9 C
Galle

ගල් වළක ගිලුණු දරුවකු මරුට

Published:

වාරියපොළ, හිඳගොල්ලේ අනාරක්ෂිත ගල්වලක දිය නෑමට ගිය දරුවන් දෙදෙනකුගෙන් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බණ්ඩාරකොස්වත්ත පදිංචි වයස අවුරුදු 13ක සහ 16ක පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ඊයේ (25) සවස දිය නෑමට ගොස් සිටිය දී දියේ ගිලී ඇති අතර, ගම්වාසීන් විසින් ඔවුන් රෝහල්ගත කර ඇති බවත් එක් අයකු මියගිය බවත් වරකාපොළ පොලිසිය පැවසීය.

වයස අවුරුදු 16ක් වූ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇත.

මියගිය දරුවාගේ සිරුර වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව වාරියපොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!