27.3 C
Galle

ලියාපදිංචි නැති ජංගම දුරකථන, ස්වයංක්‍රීයව අවහිර වෙයි ?

Published:

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය නොමැති ජංගම දුරකථන සොයාගැනීම සඳහා නව යෙදුමක් භාවිතයට ගන්නා බව එම කොමිෂන් සභාව පවසයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පාරිභෝගිකයන්ට අවධාරණය කරන්නේ එම කොමිෂන් සභාවේ අනුමැතිය නොමැති කිසිම ජංගම දරකථනයක් මිල දී නොගන්නා ලෙසයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මෙසේ කීවේය.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය නොමැතිව ජංගම දුරකථන භාවිතා කිරීම වැළැක්වීමට අප විසින් නව ස්වයංක්‍රීය පද්ධතියක් ක්‍රියාත්මක කරනනවා. මෙවැනි යෙදුමක් භාවිතා කරන්න සිදුව තිබෙන්නේ අනවසර ජංගම දරකථන භාවිතය නිසා සමාජයේ නීති විරෝධී ක්‍රියාවන් ඉහළ යාම හේතුවෙන්. එම සමාජ විරෝධී ක්‍රියා අවම කිරීමට ජංගම දුරකථන මගින් අයථ ගනුදෙනු කරන පුද්ගනලයන් හඳුනාගැනීමට එම ස්වයංක්‍රීය පද්ධතිය හරහා හැකියාව ලැබෙනවා.”

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ නීත්‍යානුකූල ජංගම දුරකථන වෙළෙඳ පොළ බහුලවීම තුළින් ජංගම දුරකථනවල මිල ද සැළකිය යුතු ලෙස අඩු කිරීමට හැකිවනු ඇති බවයි.  

Related articles

Recent articles

error: Content is protected !!