27.4 C
Galle

පොලිසිය මාරුවීම්වලින් වාර්තාවක් තියයි

Published:

පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරුවීම් ලබාදීමෙන් මෙරට නව වාර්තාවක් පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ එකවර වැඩිම ස්ථානාධිපතිවරුන් සංඛ්‍යාවක් මාරු කරන ලද අවස්ථාව මෙයයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105කට සහ පොලිස් පරීක්ෂකවරුන් 34 දෙනෙකු මෙලෙස මාරුවීම් ලබා ඇත. එම මාරුවීම් පෙබරවාරි මස 13 සහ 18 දිනවල සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙතෙක් කො‍ළඹ සහ තදාසන්න ප්‍රදේශවල ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ නිලධාරීන් රැසක් සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා යොදවා ඇතැයි ද වාර්තා වේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්ගේ අනුමැතිය අනුව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!