27.4 C
Galle

රට පුරාම සෙම, සොටු ගලන රෝගයක් ? නිව්මෝනියාවටත් යා හැකියි

Published:

ශ්‍රී ලංකාව පුරා සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ‍වයිරස් රෝග ව්‍යාප්ත වීම වැඩි වී ඇතැයි ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක පවසයි.

ඇතැම් පුද්ගලයන්ට එම රෝග ලක්ෂණ ඉහළ තීව්‍රතාවකින් යුතුව දක්නට ලැබෙන බව ද හෙතෙම කීවේ ය. ඇතැම් අවස්ථාවල දී මෙය නිව්මෝනියා තත්වයක් දක්වා ද වර්ධනය විය හැකි බැවින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් බව ද වෛදවරු පෙන්වා දෙයි.  

“නහය සිරවීම, සොටු දියර ගලන ස්වභාවය, උගුර ඉදිමීම සහ දැවිල්ල, සෙම, කැස්ස සමඟ උණ වැනි රෝග ලක්ෂණ තිබේනම් මෙය ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ආසාත්මක තත්වයක් වෙන්න පුළුවන්. මේ සඳහා හේතුවන්නේ ‍වයිරස. ඇතැම් අයට මේක සුළු රෝග තත්වයක් විය හැකියි. නමුත් තවත් පිරිසකට මෙය නිව්මෝනියාව දක්වා දරුණු වෙන්න හැකියි. ඒ නිසා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමුවීම වැදගත් වෙනවා.”

මුඛ ආවරණ පැළඳීම, දෙ අත් පිරිසිදුව තබා ගැනීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කිරීම රෝගය පැතිරීම වළක්වාගැනීමට මහෝපකාරී වන බව සෞඛ්‍ය අංංශ පෙන්වා දෙයි.

Related articles

Recent articles

error: Content is protected !!