27.4 C
Galle

වාහන, සිසිල් බීම, අරක්කු, සිගරැට් බදු වැඩිකරයි

Published:

මෝටර් වාහන, දුම්වැටි, සිසිල් බීම සහ දුම්කොළ ඇතුළු භාණ්ඩ කිහිපයක නිෂ්පාදන බදු 5.9%කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

සිය මූල්‍ය ප්‍රතිපත්ති ගැලපීමේ පියවරක් ලෙස මුදල්, සැළසුම් ක්‍රියාත්මක කිරීමේ සහ අර්ථික සංවරැ්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය ලැබීමෙන් මෙය සිදුවෙයි.

2025 ජනවාරි 11 දින සිට බලපැවැත්වෙන පරිදි බදු වැඩි කිරීම, 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද නියෝගයක් මගින් විධිමත් කරන ලද අතර 2025 ජනවාරි 10 වැනි දින අංක 2418/43 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත්කර ඇත.

ඊට සමගාමීව මධ්‍යසාර සඳහා වන බද්ද ද 5.9%කින් ඉහළ නංවා ඇති අතර සංශෝධිත ගාස්තු එම දිනයේ සිටම ක්‍රියාත්මක වේ.

මෙම ගැලපීම සුරාබදු ආඥාපනතේ (අධිකාරිය 52) 22 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද අංක 01/2025 දරන දැනුම්දීමේ දක්වා ඇති අතර අංක 2418/42 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!