27 C
Galle

කෝටි 36ක මත්ද්‍රව්‍ය සමඟ විදෙස් කතක් අත්අඩංගුවට

Published:

විදේශීය කාන්තාවක්, රුපියල් කෝටි 36ක හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක දී අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කරයි.

ඇය කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි දක්වා පැමිණ ඊයේ (15) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි.

මෙම කාන්තාව සම්බන්ධයෙන් ලැබුණු ජාත්‍යන්තර බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකාරිය එලෙස අත්අඩංගුවට පත්ව ඇත.

රේගු නිලධාරීන් පවසන්නේ අත්අඩංගුවට ගත් කාන්තාව 36 හැවිරිදි කැනේඩියානු කාන්තාවක බවයි. ඇය ද මත්ද්‍රව්‍ය සඳහා දැඩිව ඇබ්බැහි වී සිටින අයකු බව ද මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

රෙදිවල ඔතා ගමන් මළු දෙකක සඟවා තිබිය දී හෂීස් කිලෝ ග්‍රෑම් 36.5ක් සොයාගෙන තිබේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කැනඩා ජාතික කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!