27 C
Galle

දරුවකු සිය මාමාත් සමඟ ළිඳකට බිලි

Published:

අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා දරුවකු සහ එම දරුවාගේ මාමා මියගොස් ඇතැයි වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.

යාපනය, සංගරත්තෙයි ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී ඔවුන් මියගොස් ඇත.

මුලතිව්,රෙඩ්බානා ප්‍රදේශයේ පදිංචි දරුවා, මව සමඟ මවගේ මහ ගෙදර පැමිණ ඇති අතර ඒ අසළ ඇති තීක්කිරායි වැව බැලීමට දරුවා කැටුව ඔහුගේ මාමා ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

දරුවා ළි‍ඳේ පාවෙමින් සිටිනු දැක ප්‍රදේශවාසීන් ඔහු ගොඩට ගෙන යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද දරුවා රෝහලේ දී මියගියේය. ප්‍රදේශවාසීන් එම ළිඳ පරීක්ෂා කිරීමේ දී මාමාගේ සිරුර සොයාගෙන තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!