25.8 C
Galle

බසයකින් පතොරම් තොගයක් සොයා ගනී

Published:

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගමන් මළු රඳවනයක තිබී ඊයේ (22) දහවල්  ජීව උණ්ඩ 123ක් සොයාගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

බණ්ඩාරවෙල බස් නැවතුම අසළ නවතා තිබූ බසය පරීක්ෂා කිරීමේ දී, කුඩා ලෝහ පෙට්ටියක දමා  තිබූ මේ උණ්ඩ තොගය සොයාගෙන ඇත. බණ්ඩාරවෙල පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම සෝදිසිය සිදුකර තිබිණි.

පොලිසිය පවසන්නේ එම උණ්ඩතොගය රැගෙන යමින් සිටි සැකකරුවකු සොයාගත නොහැකි වූ බවයි.

මෙම උණ්ඩ අතර ටී 56 පතොරම් 09ක්, ටී56 එල්එම්ජී පතොරමක් සහ පිස්තෝල උණ්ඩ 113ක් තිබී ඇත.

බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!