25.8 C
Galle

හෙට සිට වැසි

Published:

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් හෙට (24) සිට දින කිහිපයක් වැසි ඇතිවේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

මීට අමතරව ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ද සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.

අනෙකුත් ප්‍රදේශවල වියළි කාලගුණික තත්වය දිගටම පවතිනු ඇත.

උදෑසන කාලයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් මීදුම් සහිත තත්වයක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වැසි පවතින අවස්ථාවල දී අකුණු අනතුරුවලින් සහ තද සුළංවලින් සිදුවන අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related articles

Recent articles

error: Content is protected !!