25.8 C
Galle

ඉන්දීය ධීවරයන් 32ක් අත්අඩංගුවට

Published:

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 32 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

මන්නාරමට උතුරින් මෙරට මුහුදු සීමාවට ඔවුන් ධීවර යාත්‍රා 05කින් ඇතුළු වී සිට ඇත. උතුරුමැද නාවික විධානය විසින් ඊයේ (22) රාත්‍රී සහ අද (23) අලුයම මෙම ඉන්දීය ධීවරයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

නාවික හමුදාව පවසන්නේ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා සහ ධීවරයන් පිරිස තලෙයිමන්නාරම ජැටිය වෙත රැගෙන විත් ධීවර පරීක්ෂක කාර්යාලය භාරයට පත්කළ බවයි.

මෙම වර්ෂයේ ගත වූ දින 54ක කාලයේ දී ශ්‍රී ලංකා මුහුදු තීරයට නීති විරෝධී ලෙස ඇතුළු වූ ධීවර යාත්‍රා 18ක් සහ ඉන්දීය ධීවරයන් 131ක් මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇතැයි ද නාවික හමුදාව පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!