25.8 C
Galle

හමුදාවෙන් පැන ගිය අය අල්ලන්න නියෝග

Published:

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර්ර වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා නියෝග කර තිබේ.

ඔමු මේ බව කියා සිටියේ පසුගිය 22 වැනි දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමිනි.

අවි පුහුණුවක් ලැබූ යුද හමුදා සෙබළු අපරාධ බහුතරකයට සම්බන්ධ යැයි තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා වී ඇති බැවින් ඊට ගන්නා පියවර කවරේද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරුර වශයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව කියා සිටියේ ය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කී‍වේ ය.

“මෑත කාලීනව සිදු වූ අපරාධවලට හමුදා සාමාජිකයන් ගොඩක් අත්අඩංගුවට පත්වුණා. මේක ඇත්තටම සමාජ ප්‍රශ්නයක්. තමුන්ගේ සේවා කාලය අවසන්වීමට පෙර නීත්‍යානුකූල නොවන ආකාරයට හමුදාවෙන් පළාගිය සාමාජිකයන් පාතාලය සමඟ සම්බන්ධ වීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්න කියලා අපි නියෝග කරලා තියෙන්නේ. ඒ අය හමුදාව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට පහසුකම් සපයා තිබෙනවා.”

මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම්වලට මේ වනවිට කිසිදු දේශපාලන රැකවරණයක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගත හැකි බව ද හෙතෙම පැවසීය.

Related articles

Recent articles

error: Content is protected !!