25.4 C
Galle

අයවැයට වැඩි ඡන්ද 109ක්

Published:

2025 වර්ෂයට නියමිත අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේ දී එය වැඩි ඡන්ද 109කින් සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර අයවැයට විරුද්ධව ලැබුණේ ඡන්ද 46ක් පමණි. එම අවස්ථාවේ සභාගැබ තුළ සිටි කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටියේ ද නැත.

අයවැය ජනාධිතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 18 සිට අද (25) දක්වා, දින 7ක් අයවැය දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. ලබන 27 වැනි දා කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වෙයි. එය මාර්තු 21 වැනි දා දක්වා පැවැත්වේ.

ඉන් අනතුරුව අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනි දා සවස 6.00ට පැවැත්වීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!