25.4 C
Galle

පාසල් සිසුවකුට අමානුෂික ලෙස පහරදුන් සිසුන් තිදෙනකු අත්අඩංගුවට

Published:

කෑගල්ලේ අතුරු මාර්ගයක් අයිනේ පාසල් සිසුවෙකුට අමානුෂික අන්දමින් පහර දී දණ ගැස්වූ තවත් පාසල් සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

16 වැනි වියේ පසුවන ඔවුන් තිදෙනා හෙට (27) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම පහරදීමට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර පසුගිය 20 වැනි දා කෑගල්ල පිටිහුම ප්‍රදේශයේ බසයක් එනතුරු සිටි සිසුවකුට මෙලෙස පහර දී තිබිණි. එම සිසුවා දමුණුපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!