25.2 C
Galle

නැගෙනහිරින් යළි අන්තවාදීන් මතුවෙයි ?

Published:

නැගෙනහිර පළාතේ කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍රගත කරගනිමින් අන්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (04) කීවේය.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

“නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් එවැනි කණ්ඩායමක් ක්‍රියාත්මක වන බවට තොරතුරක් පමණයි තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගනිමින් ඉන්නවා. දැනට අපිට කියන්න පුළුවන් ආරක්ෂක අංශ මේ පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව පමණයි.”

Related articles

Recent articles

error: Content is protected !!