25.2 C
Galle

මුහුදේ පාවී ආ වස්තුව පුපුරා තරුණයකුට බරපතලයි

Published:

මුහුදේ පාවෙමින් තිබූ කිසියම් දෙයක් විවෘත කිරීමට යාමේ දී එය පිපිරී ගොස් තරුණයකු බරපතල තුවාල ලබා ඇතැයි කාත්තන්කුඩි පොලිසිය පවසයි.

මඩකලපුව, කාත්තන්කුඩි, ආරයම්පති මුහුදේ ඊයේ (03) සවස පිහිනමින් සිටි තරුණනයන් සිව් දෙනකු ‍මුහුදේ පාවන වස්තුව දැක එය විවෘත කිරීමට උත්සාහ ගෙන ඇත. එහි දී එය පුපුරා යාමෙන් බරපතල තුවාල ලැබූ තරුණයකු ආරයම්පති රෝහලට ඇතුළු කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ තිරුනිට්රුකේනි, ආරයම්පති ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

පොලීසිය සහ හමුදා නිලධාරීන් පැමිණ ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!