25.2 C
Galle

අධිකරණයට භාර වූ OIC ට ඇප

Published:

මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (04) පෙරවරුවේ භාර වූ වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහරින ලෙස අධිකරණය නියෝග කර තිබේ.

වැලිගම, පැලෑනේ හෝටලයක ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියේ දී පොලිස් වෙඩි පහරින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවේ පොලිස් නිලධාරියකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම වැඩබඩලන ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි වරෙන්තු නිකුත් කර තිබිණි.

සැකකාර වැඩබලන ස්ථානාධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර හෙට (05) දිනයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද නියෝග කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!