27.9 C
Galle

උඩරට දුම්රියක් පීලි පනී. දුම්රිය දෙකකට බසී යොදවයි

Published:

නාවලපිටියේ, පල්ලේගම ප්‍රදේශයේ දී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මුළුමනින් ම නතර වී ඇතැයි වාර්තා වේ.

මෙලෙස පීලි පැන ඇත්තේ බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන 1008 දුම්රියයි.

කොළඹ සිට බදුල්ල දක්වා ගමන් ගන්නා රාත්‍රී තැපැල් දුම්රිය ගම්පොළින් නවතා බස් රථ යොදාගෙන මගී ප්‍රවාහන කටයුතු සිදුකරමින් පවතින බව ද දැනගන්නට ඇත.

එමෙන්ම බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන තැපැල් දුම්රිය නාවලපිටියෙන් නවතා එහි සිටි මගීන් බස් මාර්ගයෙන් ගම්පොළ දක්වා ගෙන්වා ගැනීමට කටයුුත කරමින් පවතී.

Related articles

Recent articles

error: Content is protected !!