25.5 C
Galle

ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ නාමයෝජනා සම්බන්ධ පෙත්සම් සියල්ල විසිවෙයි

Published:

පළාත් පාලන ඡන්ද විමසීමේ දී නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම් 53ක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළේය.

මහින්ද සමයවර්ධන, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා විසින් මේ තීන්දුව ලබා දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා මෙම පෙත්සම් සළකා බැලූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කරමින් එය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට තර්ක කළේය. 

ඒ අනුව අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

එම කරුණු සම්බන්ධයෙන් දීරඝ කරුණු සළකා බැලීමකින් පසු විනිසුරු මඩුල්ල සඳහන් කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ තර්කය පිළිගන්නා බවයි.

ඒ අනුව එම පෙත්සම් විභාග කිරීමට නොතීසි නිකුත් නොකර ම නිෂ්ප්‍රභා කරන බව විනිසුරුවරු සඳහන් කළහ.

Related articles

Recent articles

error: Content is protected !!