25.5 C
Galle

මීගමුව රෝහලේ වෛද්‍යවරයකු තරුණියකට අතවර කරලා. “එයා අපේ කෙනෙක් නෙවෙයි” – GMOA කියයි

Published:

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයෙන්න ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියකට වෛද්‍යවරයකු විසින් ලිංගික අතවර කර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

තරුණිය ප්‍රතිකාර ගැනීමේ දී වෛද්‍යවරයා ලිංගික හිංසන සිදුකළ බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ එම වෛද්‍යවරයා තම සංගමයේ සාමාජිකයකු නොවන බවයි.

අනුරාධපුර රෝහලේ දී වෛද්‍යවරියක වෙනත් පුද්ගලයකු අතින් අතවරයට පත්වූවා යැයි  පවසමින් වැඩ වර්ජනයක් පවා ආරම්භකළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම කරුණ සම්බන්ධයෙන් විමසූ විට කියා සිටිියේ ඔහු තම සාමාජිකත්වයෙන් කළකට ඉහත නෙරපා ඇති බැවින් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ එම සැකකාර වෛද්‍යවරයා මීිට පෙර ද විනය විරෝධීව කටයුතු කර ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!