25.5 C
Galle

පැපුවා නිව්ගිනියාවේ, භූමිකම්පාවක් නිසා සුනාමි අනතුරු ඇඟවීමක්

Published:

පැපුවා නිව්ගිනියාවට අයත් නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ රිච්ටර් මාපක 6.9ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතන සඳහන් කරයි. ඉන්පසු රිච්ටර් මාපකයේ 5.3ක පසු කම්පනයක් ඇතුළුව තවත් කම්පන කිහිපයක් ම සිදුව ඇතැයි ද වාර්තා වේ.

මෙම දූපත පිහිටා ඇත්තේ පැපුවා නිව්ගිනියාවට බටහිර දෙසිනි. එම දූපතේ සිට ගිනිකොණ දෙසට කිලෝ මීටර 194ක් පමණ ඈතින් මේ භූමිකම්පාව සිදුව ඇත.

මෙම භූමිකම්පාව සිදුවීමත් සමඟ පැපුවා නිව්ගිනියාව ඇතුළු ඒ ආසන්න රටවල් ගණනාවකට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබිණි. එම සුනාමි අනතුරු ඇඟවීමෙන් ශ්‍රී ලංකාවට කිසිදු අවදානමක් නැත.

Related articles

Recent articles

error: Content is protected !!